ජාතික සමාජ සංවර්ධන ආයතනය‍ වෙත සාදරයෙන් පිළිගනිමු

ජාතික  සමාජ  සංවර්ධන  ආයතනය යනු ශ්‍රී  ලංකාවේ සමාජ වැඩ අධ්‍යාපනය ලබාදෙනු ලබන ප්‍රමුඛතම ආයතනය වේ. 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 25 අ වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මෙම ආයතනය උපාධි පිරිනමන ආයතනයක් ලෙස පිළිගෙන ඇත. මෙම ආයතනය සමාජ සංවර්ධනය ඇති කිරීම සඳහා සමාජ සුභසාධන ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරී වන සමාජ වැඩ වෘත්තිකයන් බිහිකරන සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාපිත ආයතනයකි. සමාජ සුබසාධන පද්ධතියේ සේවය කිරීම, සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ සමාජ සවිබල ගැන්වීම සඳහා සමාජ වැඩ වෘත්තිකයන් බිහිකරනු ලබන අධ්‍යාපනික ආයතනයක් ලෙස ජාතික සමාජ සංවර්ධන ආයතනය කැපවී කටයුතු කරනු ලබයි.

වැඩිදුර තොරතුරු