අයදුම්පත්‍රය බාගත කිරීම  

හැඳින්වීම

මෙම උපදේශනය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවේ අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍යය සහ යහ පැවැත්ම ප්‍රවර්ධනය පිළිබඳ අතුරු වෘත්තිකයන්ගේ කුසලතා සංවර්ධනයයි. මෙම පාඨමාලාව නිර්මාණය කරන ලද්දේ ශ්‍රී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රතීකන නිර්දේශයන්ට (SLQF) අනුකූල වන පරිදිය.

ඉලක්කය

ප්‍රජා මට්ටමේදී ඉතා උසස් පුහුණුවක් ඇති කිරීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්පයන්ගෙන් හෙබි උපදේශනය සහ සමාජ සුබසාධනය පිළිබඳ වෘත්තිකයින් සහ අතුරු වෘත්තිකයින් නිර්මාණය කිරීම.

අරමුණු

  • උපදේශනය පිළිබඳ ගුණාත්මක බවින් යුත් අතුරු වෘත්තිකයින් බිහි කිරීම.
  • සේවා සපයන්නන්ගේ අතුරු වෘත්තීය කුසලතා පුළුල් කිරීම.
  • යොමු කිරීමේ සේවා සඳහා පහසුකම් සැපයීම සඳහා මෙකී නිලධාරීන්ගේ සහ සේවා සපයන්නන්ගේ හැකියාව වර්ධනය කිරීම.

මාධ්‍යය 

සිංහල/දෙමළ/ඉංග්‍රීසි

කාල සීමාව

මාස 06, (සම්මාන ඒකක 15) සතියේ දිනවල හෝ සති අන්තයේ.

ඇතුලත්වීමේ සුදුසුකම්

අ.පො.ස.(සා/පෙළ) සමත්වීම.

මෙම වැඩසටහනේ ප්‍රතිලාභීන් වන්නේ වෘත්තිකයින් සහ අතුරුවෘත්තිකයින්ය. එසේම ප්‍රජා නායකයින් සහ ක්‍ෂේත්‍රමට්ටමේ නිළධාරීන්ය.

පාඨමාලා ව්‍යුහය

පහත මූලිකාංගයන්ගෙන් සහතික පත්‍ර පාඨමාලාව සමන්විත වේ.

  • විෂය ඒකක 04
  • ක්‍ෂේත්‍ර පුහුණු වැඩසටහන් 01

පාඨමාලා ඒකක කේතයන්, පාඨමාලා මාතෘකාවන් සහ සම්මාන ඒකක ප්‍රමාණයන්

 

විෂයය කේතය විෂයය සම්මාන ඒකක  ප්‍රමාණය ගිවිසුම්ගත පැය ගණන ස්වයං අධ්‍යයන පැය ගණන සම්පූර්ණ ඉගෙනුම් පැය ගණන
CCC 001 මනෝවිද්‍යාව හැඳින්වීම 02 30 70 100
CCC 002 මානව වර්ධනය සහ සංවර්ධනය 02 30 70 100
CCC 003 මනෝවිද්‍යාත්මක අක්‍රමතා හඳුනාගැනීම 02 30 70 100
CCC 004 උපදේශන න්‍යාය සහ ක්‍රමශිල්ප 02 30 70 100
CCC 005 උපදේශන කුසලතා සංවර්ධනය සහ ක්‍ෂේත්‍ර පුහුණුව 07 30 320 350
  මුළු ලකුණු සහ පැය ගණන 15 150 - 750

 

අයදුම් කිරීම

වැඩි විස්තර සඳහා පාඨමාලා සම්බන්ධීකාරකවරුන් අමතන්න :

කේ.එස්. වැදිසිංහ මිය, බී.කේ.එස්. කරුණාරත්න මහතා, ඒ.එච්. උබයදුල්ලා මහතා සහ ටී. තර්සන් මහතා

 +94 113 084 309/ +94 112 888 628

 

පුවත් සහ සිදුවීම්