සමාජ වැඩ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව 2022/2023

තෝරා ගැනීමේ ලිඛිත පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබුවන්ගේ නාම ලේඛනය

සමාජ වැඩ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව - 2023/2024 තෝරා ගැනීමේ ලිඛිත විභාගයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ නාම ලේඛණය මේ සමඟ නිකුත් කර ඇත.

Medium Candidates List
Sinhala
Tamil
English

 

මෙම විභාගය සඳහා රු.1,000/ක මුදලක් අයකරනු ලබන අතර විභාගයට පෙනී සිටීමට හැකිවනුයේ එම මුදල ගෙවූ අයහට පමණි. මුදල් ගෙවීමට ප්‍රථම ඔබගේ නම විභාගය සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛණයේ පවතී ද යන්න පරීක්‍ෂා කරන්න. එම ලේඛණයේ නම සඳහන් නොවන අයෙකු මුදල් ගෙවනු ලැබුවහොත් එම මුදල නැවත ගෙවනු නොලැබේ. 

කරුණාකර පාඨමාලාවට ලියාපදිංචි වීමේදී ඔබ විසින් අප වෙත ලබා දුන් ඊ මේල් ලිපිනය පරීක්ෂා කර බලන්න. මේ වන විටත් එම විභාගය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් වෙත ඊ මේල් පණිවිඩයක් මඟින් ඒ පිළිබඳව දැනුම් දී ඇත. එම ඊමේල් පණිවුඩය නොලැබුණු අයහට පහත සඳහන් තොරතුරු වලට අනුව මුදල් ගෙවීම සිදු කල හැකිය. මුදල් ගෙවීමෙන් අනතුරව එම මුදල් ගෙවීම අපහට පහත සඳහන් පෝරමය පුරවා තහවුරු කරන්න.

පියවර 01  :- ඇතුලත්වීමේ විභාගය සඳහා මුදල් ගෙවීම

බැංකුව                      :-         මහජන බැංකුව, සුදුවැල්ල

ගිණුම් හිමියාගේ නම     :-         ජාතික සමාජ සංවර්ධන ආයතනය

ගිණුම් අංකය               :-         143-1001-0-3298038

ගෙවිය යුතු මුදල          :-          රු. 1000.00

අවසන් දිනය               :-         2024 මාර්තු 31

හේතුව                      :-          BSW 2023 Entrance Exam Fee

* සටහන  :-        කරුණාකර විභාගය සඳහා පෙනීසිටින ශිෂ්‍යාගේ නම හා ජාතික හැදුනුම්පත් අංකය මුදල් ගෙවීම් රිසිට් පතේ පැහැදිලිව සඳහන් කරන්න.

පියවර 02  :-      ගෙවීම් තහවුරු කිරීම.

Click here :-    https://forms.gle/gDq4kCuxJC9vDYoU8

මෙම ගූගල් පෝරමය ඉංග්‍රීසියෙන් පුරවා ගෙවීම් පත්‍රිකාවේ ඡායාරූපයක් උඩුගත (Upload) කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටී. (JPEG format only).

* සටහන  :-       විභාගය පැවැත්වීම කොළඹ හෝ ගම්පහ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට සැලසුම් කරමින් පවතී. එම විස්තර මුදල් ගෙවීම තහවුරු කල පසු දැනුවත් කරනු ලැබේ. එබැවින් ඔබගේ විද්‍යුත් ලිපිනයට ලැබෙන ලිපි පිළිබඳ පරීක්‍ෂාවෙන් සිටින්න.

 

ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් හෝ වැඩිදුර සහායක අවශ්‍ය නම්,

පහත දුරකථනයට රාජකාරී දිනවලදී පෙ.ව. 8.00 ත් ප.ව. 4.00ත් තුලදී පමණක් අමතන්න.

සහකාර ලේඛකාධිකාරී (විභාග)  0762130734 or 01128825206 Ex. 172.

විද්‍යුත් ලිපිනය :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

 

 

 

 

පුවත් සහ සිදුවීම්